Permission granted for copying Photographs in this website.

Send us more Environment News & Pictures to publish under your own name

Contact Us

Protect Our Environment For Future Generations - Saranath

පරිසරයයි ඔබයි මමයි

පරිසරය අයත්වන්නේඅපටද?

නැතහොත්

අප සියල්ල අයත් වන්නේ පරිසරයටද?

යම් දිනෙක ඔබටත් මටත්

පරිසරයෙන් සමුගැනීමට සිදුවුවත්

පරිසරය සදාකල්ව නොවෙනස්ව පවතිනු ඇත.

අප සියල්ල තාවකාලික නවාතැන්කරුවෝ මිස

පරිසරයේ අයිතිකරුවෝ නොවෙම්හ!

පරිසරයෙන් ඉවත්වයන දිනෙක

අප කිසිවෙකුහටත් එක්ලැස්කල කිසිවක් හෝ

රැගෙන යා නොහැකියි.

හේතුව නම්

මේ කිසිවක් අපට අයත් නොවන බැවිනි

අවම වශයෙන්

අපේ මේ ශරීරයවත් ගෙනයා නොහැකිය.

එයත් පරිසරයට ලබාදී නික්ම යායුතුම වන්නේය.

අපි ආවේ කොහේසිටදවත්?

යන්නේ කොහේදවත්?

අපට හෝ පරිසරයට අදාල නැත.

වඩාත්ම වැදගත් කරුණ වන්නේ

අපට අයත් නොවන පරිසරය විනාශකිරීමට

 සදාචාරාත්මක අයිතියක් නොමැතිබව

අප සියලුදෙනාම වටහාගත යුතුබවයි.

අප ජීවත්කරවීමට පරිසරය දායක වන අතර

පරිසරයේ දායකත්වයක් නොමැතිව

අප කිසිවෙකුහටත් මේ මිහිතලය මත

පැවැත්මක් නැත.

ඔබ අප සියල්ලටම අනගි පරිසරයක

රැකවරනය සහ ආශීර්වාදය ලබාගතහැකිවූයේ

අපේ මුතුන්මිත්තන් විසින්

පරිසරය විනාශනොකොට

දේවත්වයේලා රැක දුන් බැවිනි.

අපේ අනාගත පරපුර වෙනුවෙන්

පරිසරය සුරක්I‘තකොට රැකබලාගැනීම

අපේ වගකීමත් යුතුකමත් නොවන්නේද?

අනාගත පරපුරට

අනර්ග පරිසරයක් ලබාදීමට

අපොහොසත් උවහොත්

අපේ දරුමුනුපුරන් යම්දිනෙක

ඔබ අපේ මිනිවලටත් සාපකරනු නොඅනුමානය.

සාරානාත් කුරේ

Our Ancient Kings and our Great Grand Parents protected SriLanka environment for us to enjoy. Our responsibility is to protect this beautiful Srilanka for future generations.

 
 

Rumassala Kanda-Galle Mount Rumassala Historic Rock - in Ramayanaya

 Nawala Flowers By Saranath

 Delum Flower         Nawala Flowers        Koodalu [Siyam Flowers]

 

                       Nhagawalli

 
 

Make a free website with Yola